20යි 20 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Date:

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(1) ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සංචිතයට පළමුව ඇතුළත්ව සිටි හසිනි පෙරේරා පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඇය වෙනුවට සත්‍යා සංදීපනී සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

8 වැනි කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 10 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හැරුණු විට, පළමු කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශය ද තරග කිරීමට නියමිතව තිබෙනවා.

දෙවැනි කාණ්ඩයට අයත් රටවල් වන්නේ ඉන්දියාව, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්.

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 26 වැනිදා Newlands ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Squad :
1.) Chamari Athapaththu, Captain
2.) Oshadi Ranasinghe
3.) Harshitha Samarawickrama
4.) Hasini Perera (will not tour as she has suffered an injury to one of her fingers while practicing)
5.) Nilakshi de Silva
6.) Kavisha Dilhari
7.) Anushka Sanjeewani
8.) Kaushini Nuthyangana
9.) Malsha Shehani
10.) Inoka Ranaweera
11.) Sugandika Kumari
12.) Achini Kulasuriya
13.) Vishmi Gunaratne
14.) Tharika Sewwandi
15.) Ama Kanchana
* Sathya Sandeepani (replacement for Hasini Perera)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...