වීසා ප්‍රමාදයක් නිසා කවාජාට ඉන්දීය සංචාරය ප්‍රමාද වෙයි

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට ඉන්දියාවට පැමිණීමට වීසා ලබා ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් ඉන්දීය සංචාරයට එක්වන සෙසු ක්‍රීඩකයින් සමග ඔහුට ඉන්දියාවට පැමිණීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගහරුවාදා (31) රාත්‍රී කාලයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් ඉන්දියාවට ළගා වී තිබුණ ද එම ක්‍රීඩකයින් අතරට ඔහු ඇතුළත්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු හෙට(2) දිනයේ දී බැංගලූරු වෙත පැමිණීමට නියමිතව ඇති බව සදහන්.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් බැංගලූරුහී දී සිව්දින පුහුණු කදවුරකට එක් වීමට නියමිතව ඇති අතර, අනතුරුව ඔවුන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සදහා නාග්පූර් වෙත පිටත්ව යාමට නියමිතයි.

තරග 4කින් යුත් බෝර්ඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...