ඕෂදගේ ශතකය හා මදුෂ්කගේ 91* ශ්‍රී ලංකා ‘A’ යළි සටනට අවතීර්ණ කරයි

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (01) ගාල්ලේ දී නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 228 ක්. ආරම්භක කඩුල්ල සදහා ලකුණු 203 සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නිශාන් මදුෂ්ක හා ඕෂද ප්‍රනාන්දු සමත් වුණා.

ඕෂද ලකුණු 114 ක් රැස් කළේ පන්දු 134 කින්. හතරේ පහර 18 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඕෂද දැවී ගියේ ලියම් පැටර්සන්-වයිට්ගේ පන්දුවක් හමුවේයි.

නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 91 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ලක්ෂිත මනසිංහ නොදැවී ලකුණු 14යි.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලයන්ස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 249 ක් ලබා සිටි අතර, ඔවුන් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 467 ක්.

ටොම් හෙයින්ස් ලකුණු 118 ක් රැස් කළ අතර, නායක හසීබ් හමීඩ් ලකුණු 81 කට දැවී ගියා. ඇලෙක්ස් ලීස් ලකුණු 56 ක් ද, මැතිව් ෆිෂර් ලකුණු 53 ක් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී අම්ශි ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් දවා ගත් අතර, ලක්ෂිත මනසිංහ කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 136 ක් පමණයි.

ඒ අනුව මේ වන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායමට වඩා දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 103 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...