Watch : දැවැන්ත හඹා යාමක් ආරම්භයේම නවසීලන්තයේ කඩුලු 4 ක් ලකුණු 7කට දැවී ගිය හැටි

Date:

ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(1) රාත්‍රියේ දී අහ්මදාබාද් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 234 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ ෂුබ්මන් ගිල් වාර්තා කළ සුපිරි ශතකයෙන් සවිමත් වෙමින්.

ගිල් නොදැවී ලකුණු 126 ක් ලබා ගත්තේ පන්දු 63 ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්. රාහුල් ත්‍රිපාති ලකුණු 44 යි.

පන්දු යැවීමේ දී මයිකල් බ්‍රේස්වෙල්, බ්ලෙයාර් ටික්නර්, ඉෂ් සෝදි හා ඩැරල් මිචෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

නවසීලන්ත කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 7 ක් තුළ බිද වැටුණා.

එහිදී දැවී ගියේ ලකුණු 3 ක් ලබා සිටි ෆින් ඇලන්, එක් ලකුණක් ලබා සිටි ඩෙවෝන් කොන්වේ, ලකුණු නොලබා සිටි මාර්ක් චැප්මන් හා ලකුණු 2ක් ලබා සිටි ග්ලේන් පිලිප්ස් යන පිතිකරුවන්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...