පෙබරවාරි 4 වැනිදා තීරණාත්මක රැස්වීමක්

Date:

එළඹෙන පෙබරවාරි 4 වැනිදා ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමක් බහරේන් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙතයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් ද මෙම රැස්වීම සදහා එක් වීමට නියමිත අතර, ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය කර ගැනීමට මෙම රැස්වීමේ දී අවධානය යොමු වනු ඇති.

අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සත්කාරක අයිතිය පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු වුව ද, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර සදහන් කළේ දෙරට අතර පවතින දේශපාලනික ගැටුම් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

එම ප්‍රකාශයත් සමග ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සිය කණ්ඩායම ක්‍රීඩා කිරීමෙන් වලකින බවට පාකිස්තානය තර්ජනය කර සිටියා.

මෙවැනි පසුබිමක් යටතේ පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන රැස්වීම සදහා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර, තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව එහිදී නිරාකරණය කර ගනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...