ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සමග අයි.සී.සීයෙන් ඓතිහාසික නම් කිරීමක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කාන්තා තරග නිළධාරීන් පමණක් නම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

අයි.සී.සී තරගාවලියක් සදහා කාන්තා නිළධාරීන් පමණක් නම් කිරීමට අයි.සී.සීය විසින් මෙලෙස පියවර ගනු ලැබුවේ ඉතිහාසයේ පළමු වරටයි.

ඒ අනුව තරග තීරකවරියන් තිදෙනෙකු හා විනිසුරුවරියන් 10 දෙනෙකු තරගාවලිය සදහා නම් කිරීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත්තේ.

තරග තීරකවරියන් හා විනිසුරුවරියන් අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ලෝක කුසලාන තරගාවලියට නම් කර ඇති තරග තීරකවරියන් වන්නේ ඉන්දියාවේ GS Lakshmi, දකුණු අප්‍රිකාවේ Shandre Fritz හා ශ්‍රී ලංකාවේ මිචෙල් පෙරේරා.

පිටියේ හා තෙවන විනිසුරුවරියන් ලෙස ශ්‍රී ලංකාවේ නිමාලි පෙරේරා, Sue Redfern (England), Eloise Sheridan (Australia), Claire Polosak (Australia), Jacqueline Williams (West Indies), Kim Cotton (new Zealand), Lauren Agenbag (South Africa), Anna Harris (England), Vrinda Rathi (India), N Janani (India) යන අය නම් කර තිබෙනවා.

8 වැනි කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හැරුණු විට, පළමු කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශය ද තරග කිරීමට නියමිතව තිබෙනවා.

දෙවැනි කාණ්ඩයට අයත් රටවල් වන්නේ ඉන්දියාව, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්.

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 26 වැනිදා Newlands ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...