එංගලන්ත ලයන්ස් කණ්ඩායම පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිලට විශිෂ්ඨ ජයක්

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙදින පුහුණු ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අද(27) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය ක්‍රිකට් ආයතන කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 50.4 ක් අවසානයේ දී කඩුලු 6 ක් දැවී සිටියදීයි. (309/6)

ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 116 ක්, පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 52 ක් හා ජනිත් ලියනගේ ලකුණු 42 ක් ලබා ගනිමින් ක්‍රිකට් ආයතන කණ්ඩායමට සුපිරි ජයක් ගෙන ඒමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ACK Carson ලකුණු 72 කට කඩුලු 2 ක් දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 250 ක්.

J Haynas ලකුණු 51 ක්, J Bohannon ලකුණු 50 ක් හා ඔලී රොබින්සන් ලකුණු 39 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ඉසිත විජේසුන්දර (2/16), සහන් ආරච්චිගේ (2/50) හා නිමේෂ් විමුක්ති (2/46) කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ලයන්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 413 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඇලෙක්ස් ලීස් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 97 කින්. Jack Haynes නොදැවී ලකුණු 63ක්, Josh Bohannon ලකුණු 58 ක්, Tom Abell ලකුණු 57 ක් හා Jamie Smith ලකුණු 50 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජනිත් ලියනගේ ලකුණු 47 කට කඩුලු 3 ක් දවා ගත්තා. කවිදු පතිරත්න හා තරිදු රත්නායක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස  සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 355 ක් ලබා සිටියදීයි. ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක පන්දු 158 කින් ලකුණු 150 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 24 ක් ඇතුළත්. ලහිරු උදාර ලකුණු 93 යි. පන්දු යැවීමේ දී Liam Patterson-White හා Josh Tongue කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...