බ්‍රයන් ලාරාට කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වගකීමක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කාර්යය සාධන උපදේශක ලෙස කටයුතු කිරීමට බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරුවෙකු මෙන්ම හිටපු නායකයෙකු වන බ්‍රයන් ලාරා එකගතාවය පල කර තිබෙනවා.

සියලු තරග රටාවලදී සියලු කොදෙව් ජාතික කණ්ඩායම් සමග ඔහු කටයුතු කිරීමට නියමිත බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රීඩකයින්ට උපක්‍රමශීලී උපදෙස් ලබා දීම හා තරග අවබෝධය ලබා දීම ලාරාගේ නව භූමිකාව වනු ඇති.

ක්‍රිකට් අධ්‍යක්ෂ ජිමී ඇඩම්ස් සමග කටයුතු කරමින් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම ද බ්‍රයන් ලාරාට පැවරෙන වගකීම් අතර වනවා.

පෙබරවාරි 4 වැනිදා සිම්බාබ්වේ හී දී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම සමග කටයුතු කිරීම නව තනතුරට පත් වීමෙන් පසුව ලාරාගේ පළමු වගකීම බවට පත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...