නිශාන්ගෙන් 150 ක්, ලයන්ස් කණ්ඩායම ලකුණු 222 ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියා.

ඔලී රොබින්සන් ලකුණු 39 ක් රැස් කළ අතර, ඇලෙක්ස් ලීස් ලකුණු 27 යි. Liam Patterson-White ලකුණු 26 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සහන් ආරච්චිගේ හා නිමේෂ් විමුක්ති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 355 ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක පන්දු 158 කින් ලකුණු 150 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 24 ක් ඇතුළත්. ලහිරු උදාර ලකුණු 93 යි.

පන්දු යැවීමේ දී Liam Patterson-White හා Josh Tongue කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ලයන්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 413 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඇලෙක්ස් ලීස් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 97 කින්. Jack Haynes නොදැවී ලකුණු 63ක්, Josh Bohannon ලකුණු 58 ක්, Tom Abell ලකුණු 57 ක් හා Jamie Smith ලකුණු 50 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජනිත් ලියනගේ ලකුණු 47 කට කඩුලු 3 ක් දවා ගත්තා. කවිදු පතිරත්න හා තරිදු රත්නායක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ වන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට වඩා දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 222 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...