යාපනය ලකුණු 62 කට දැවී යයි ; NSL දෙවැනි සතියේ ආරම්භක දිනයේ තොරතුරු

Date:

ජාතික සුපර් ලීග් (National Super League) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තරග අද(26) ආරම්භ වුණා.

එහිදී තරගාවලියේ තෙවැනි තරගය ලෙස යාපනය හා දඹුල්ල කණ්ඩායම් ද, තරගාවලියේ සිව්වැනි තරගය ලෙස මහනුවර හා ගාල්ල කණ්ඩායම් ද තරග කරනවා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි යාපනය පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 62 ක් පමණයි.

ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළ පිතිකරුවන් වූ කසුන් අබේරත්න ලකුණු 16 ක් ද, රවිදු ප්‍රනාන්දු ලකුණු 13 ක් ද රැස් කළ අතර, ලහිරු මදුෂංක ලකුණු 10කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 14 කට කඩුලු 5 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 24 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම අද දිනයට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 170 ක්.

මිනෝද් භානුක නොදැවී ලකුණු 64 ක් ලබා සිටින අතර, රනිත ලියනාරච්චි ලකුණු 51 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගාවලියේ සිව්වැනි තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290 ක් ලබා ගත්තා.

සදුන් වීරක්කොඩි ලකුණු 76 ක් හා අහන් වික්‍රමසිංහ ලකුණු 62 ක් රැස් කළා. පන්දු යැවීමේ දී අසංක මනෝජ් ලකුණු 31 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩායම අද දිනයට තරගය නිමා කරන විට කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටියා. සංගීත් කුරේ නොදැවී ලකුණු 27 ක් හා ලක්ෂාන් එදිරිසිංහ නොදැවී ලකුණු 24 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...