Watch : මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට මිලර් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA 20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (22) පැවැති තරගාවලියේ 18 වැනි තරගයේ දී Pretoria Capitals කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීම සදහා Paarl Royals ක්‍රීඩක ඩේවිඩ් මිලර් සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවා.

මෙම තරගයෙන් Paarl Royals කණ්ඩායම කඩුලු 6 ක ජයක් වාර්තා කළේ Pretoria Capitals කණ්ඩායම ලබා දුන් ලකුණු 159 ක ඉලක්කය පන්දුවාර 19.4 ක් තුළ කඩුලු 4 ක් දැවී පසු කර යමින්.

Paarl හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Pretoria Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තේ Theunis de Bruyn ගේ ලකුණු 53 න් ශක්තිමත් වෙමින්.

කුසල් මෙන්ඩිස් පන්දු 26 කින් ලකුණු 37 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...