ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

Date:

අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඊයේ(22) ක්‍රීඩා කළ තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් කඩුලු 7 ක පරාජයකට ලක් වුණා.

දකුණු අප්‍රිකාවේ Potchefstroom හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 59 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 7.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ පෙරමුණ මේ වන විට ඉන්දියාවට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 6 ක් සමගින්.

ඔස්ට්‍රේලියාව එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5 වැනි ස්ථානයයි.

සුපිරි 6 වටයේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ එංගලන්තයටත්, දෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...