ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත් T 20 වසරේ ලෝක කණ්ඩායම නිවේදනය කෙරේ

Date:

2022 වසරේ අයි.සී.සී පන්දුවාර 20යි 20 කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) නිවේදනය කළා.

2022 වසරේ දී ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්ව නම් කර ඇති ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව අදාළ කණ්ඩායමේ අංක 9 ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නම් කර තිබෙනවා.

ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර් මෙම ලෝක කණ්ඩායමේ නායකයා ලෙසයි නම් කර ඇත්තේ.

ඔහු හා පාකිස්තානයේ මොහමඩ් රිස්වාන් ආරම්භක පිතිකරුවන් ලෙසත්, ඉන්දියාවේ විරාට් කෝලි හා සූර්යකුමාර් යාදව් අංක 3 හා අංක 4 පිතිකරුවන් ලෙසත් නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා මෙන්ම අයර්ලන්තයේ ජොෂ් ලිට්ල් ද මෙම කණ්ඩායමේ ස්ථානයක් වෙන් කර ගෙන තිබීම කැපී පෙනෙනවා.

මෙම ලෝක කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකු ද, එංගලන්ත හා පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් ද, නවසීලන්ත, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා අයර්ලන්ත ක්‍රීඩකයෙකු බැගින් ද ඇතුළත්.

2022 වසරේ අයි.සී.සී පන්දුවාර 20යි 20 කණ්ඩායම –

  1. Jos Buttler (c, wk) (England)
  2. Mohammad Rizwan (Pakistan)
  3. Virat Kohli (India)
  4. Suryakumar Yadav (India)
  5. Glenn Phillips (New Zealand)
  6. Sikandar Raza (Zimbabwe)
  7. Hardik Pandya (India)
  8. Sam Curran (England)
  9. Wanindu Hasaranga (Sri Lanka)
  10. Haris Rauf (Pakistan)
  11. Josh Little (Ireland)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...