ලැබූ පරාජයත් සමග නවසීලන්තයට එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ අහිමි වෙයි

Date:

එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි නවසීලන්ත කණ්ඩායමට සිය ස්ථානය මේ වන විට අහිමි වී තිබෙනවා.

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පරාජය වීමත් සමගයි ඔවුන්ට එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ අහිමි වී ඇත්තේ.

දෙරට අතර ඊයේ(21) රායිපූර්හි පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමින් තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 34.3 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 108 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 20.1 ක් තුළ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලැබූ මෙම පරාජයත් සමග නවසීලන්තය (ශ්‍රේණිගත ලකුණු 113) එක්දින ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර, ඒ අනුව එංගලන්ත කණ්ඩායම (ශ්‍රේණිගත ලකුණු 113) නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව සිටිනවා.

ඉන්දියාවට තෙවැනි ස්ථානයත්, ඔස්ට්‍රේලියාවට සිව්වැනි ස්ථානයත්, පාකිස්තානයට පස්වැනි ස්ථානයත් හිමිව තිබෙනවා.

ශ්‍රේණිගත ලකුණු 88 ක් හිමි කර ගෙන සිටින ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...