ඉතිහාසය වෙනස් කරන්න ශ්‍රී ලංකාව අද තරග බිමට ; කාළගුණ හා තණතීරු වාර්තාව මෙන්න

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය අද(7) පැවැත්වෙනවා.

තරගය රාජ්කොට් හී දී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වනු ඇති.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු දෙකක තියුණු පරාජයක් ලැබූ අතර, දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16 ක ජයක් වාර්තා කළා.

ඒ අනුව ඉහළ මානසිකත්වයක් යටතේ ශ්‍රී ලංකා පිල අද තරග බිමට පිවිසෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාවේ දී ද්විපාර්ශ්වික තරගාවලියක් ජය ගැනීමේ අපේක්ෂාවෙන්.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ දී 20යි 20 තරගාවලි 5 ක් ක්‍රීඩා කර ඇති අතර, එම තරගාවලි 5 න් තරගාවලි 4 ක් ම ඔවුන් පරාජයට පත් වුණා. එක් තරගාවලියක් අවසන් වූයේ තරග 1-1 ක් ලෙස ජය පරාජයකින් තොරවයි.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට සිය රටේ දී 20යි 20 තරගාවලියක් පරාජයට පත්ව ඇත්තේ 2019 වසරේ දීයි. එම වසරේ දී ඔවුන් ඔස්ට්‍රේලියාව හමුවේ තරග 2-0 ක් ලෙස 20යි 20 තරගාවලියක් පරාජයට පත් වුණා.

එම තරගාවලියෙන් පසුව ඉන්දීය කණ්ඩායම මේ වන විට අඛණ්ඩව 20යි 20 තරගාවලි 11 ක් ජය ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, එම වාර්තාව අද දිනයේ දී බිද දැමීමේ මනා අවස්ථාවක් මේ වන විට ශ්‍රී ලංකාවට උදා වී තිබෙනවා.

අද තරගයේ දී කණ්ඩායම් දෙකෙන් වැඩි වෙනස්කම් අපේක්ෂා කළ නොහැකි නමුත්, ලකුණු අතර නොසිටින භානුක රාජපක්ෂ හෝ ධනංජය ද සිල්වාට කණ්ඩායමේ ස්ථානය ඇතැම් විට අහිමි වීමේ අවස්ථාවක් පවතිනවා.

ඒ අනුව නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ අවිශ්ක ප්‍රනාන්දු හෝ සධීර සමරවික්‍රම කණ්ඩායමට නම් කිරීමට ඉඩ පවතිනවා.

රාජ්කොට් තණතීරුව සාමාන්‍යයෙන් පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලෙස සැලකෙන අතර, ඒ අනුව අද තරගයේ දී ද ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා විය හැකියි.

කණ්ඩායම් නායකයින් කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පන්දු යැවීම සදහා තීරණය කිරීමට වැඩි ඉඩක් ඇත්තේ මෙම ක්‍රීඩාංගනයේ ඉතිහාස දත්ත අනුව ලකුණු හඹා යන කණ්ඩායමට වැඩි වාසි පවතින බැවින්.

අද පස්වරුවේ දී රාජ්කොට් ප්‍රදේශයට වර්ෂාවෙන් බලපෑමක් එල්ල විය හැකි බවට අනුමාන නොකරන අතර, පස්වරු කාලයේ දී 17°C ක පමණ යම් ශීත කාළගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...