ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් අහිමි කරමින් ඉන්දියාව 2-1 ක් ලෙස තරගාවලිය දිනයි

Date:

ඉන්දියාවේ දී පළමු වරට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කරමින් දෙරට අතර පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගය ලකුණු 91 කින් ජය ගනිමින්.

රාජ්කොට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 228 ක් රැස් කළේ සූර්යකුමාර් යාදව් පන්දු 51 කින් නොදැවී රැස් කළ ලකුණු 112 න් ශක්තිමත් වෙමින්.

හයේ පහර 9 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ෂුබ්මන් ගිල් ලකුණු 46 ක් ද, රාහුල් ත්‍රිපාති ලකුණු 35 ක් ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ ද ඩිල්ෂාන් මදුෂංක ලකුණු 55 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

දසුන් ශානක හා කුසල් මෙන්ඩිස් ලකුණු 23 බැගින් ලබා ගත් අතර, ධනංජය ද සිල්වා ලකුණු 22 කට දැවී ගියා. චරිත් අසලංක ලකුණු 19යි.

පන්දු යැවීමේ දී අර්ශ්දීප් සිං කඩුලු 3 ක් දවා ගත්තා. උම්රාන් මලික්, හර්ඩික් පාන්ඩ්යා හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...