දෙවැනි තරගය දින්නත් එදා තරගය ගැන කනගාටුවක් තියෙනවා : තීක්ෂණ

Date:

දුෂ්මන්ත චමීර නොමැති විට ශ්‍රී ලංකා කණ්ඩායමට පුරප්පාඩුවක්ව පවතින අත්දැකීම් සහිත වේග පන්දු යවන්නෙකුගේ භූමිකාව කසුන් රාජිත විසින් සම්පූර්ණ කරමින් සිටින බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

ඉන්දියාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

නිමා වූ 20යි 20 ලෝක කුසලානයේ දී කණ්ඩායමට එක් වීමත් සමග කසුන් රාජිත මේ වන විට අඛණ්ඩව දක්ෂතා දක්වමින් සිටින බවත්, කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දෙමින් සිටින බවත් තීක්ෂණ කියා සිටියා.

මේ අතර, දෙවැනි 20යි 20 තරගය ජය ගත්ත ද, පළමු 20යි 20 තරගයෙන් පරාජයට පත් වීම සම්බන්ධයෙන් තවදුරටත් කනගාටුවක් පවතින බවයි මහීෂ් තීක්ෂණ කියා සිටියේ.

ලකුණු 163 ක ඉලක්කයක් යනු මුම්බායි තණතීරුව තුළ හඹා යා හැකි ලකුණු සංඛ්‍යාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...