ලෝක කුසලාන වසරක මේ ඉන්දීය සංචාරය ගොඩක් වැදගත් : දසුන් මාධ්‍ය අමතා කියූ දේ

Date:

නිමා වූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ අසාර්ථකත්වය පසෙකලා නව වසර සදහා හොද ආරම්භයක් ලබා ගැනීම වැදගත් බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඉන්දියාව සමග අද(3) ආරම්භ වන 20යි 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ මුම්බායි හී දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඉන්දියාවේ දී පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඊට සූදානම් වීම සදහා ද එක්දින හා 20යි 20 තරග 3 බැගින් යුත් මෙම ඉන්දීය තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති.

“ඉන්දියාව කියන්නේ හොද කණ්ඩායමක්. අප කළ යුතු වන්නේ හොද ක්‍රිකට් එකක් ක්‍රීඩා කිරීමයි. ලෝක කුසලාන වසරක, මේ 20යි 20 හා එක්දින තරගාවලිය ඉතා වැදගත්. මොකද ගොඩක් ක්‍රීඩකයින් ඉන්දියාවේ ක්‍රීඩා කරලා නැහැ.” යනුවෙන් දසුන් කියා සිටියා.

ආසියානු කුසලාන තරගාවලියේ ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා එක් වුණේ වඩාත් බලාපොරොත්තු සහගතවයි.

කෙසේ වෙතත්, පළමු තරගයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන් අතර, සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව ජය ගත්තේ අයර්ලන්තයට හා ඇෆ්ඝනිස්තානයට එරෙහිව පමණයි.

“මම හිතන්නේ තණතීරුවල තත්ත්වයන් තමයි හේතුව. ආසියානු තණතීරු හා ඕස්ට්‍රේලියානු තණතීරු ගොඩක් වෙනස්. ගොඩක් සුපිරි ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාවේ දී හොදින් ක්‍රීඩා කළේ නැහැ. නමුත් ආසියාවේ දී අපි දන්නවා තත්ත්වයන් ගැන හොදට. වැදගත් වන්නේ සියලු දෙනා හොද ආරම්භයක් ලබා ගැනීම හා තරගය පාලනය කරන්නේ කොහොමද කියන එකයි” යනුවෙන් දසුන් ශානක වැඩිදුරටත් සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් රැසක්ම ශ්‍රී ලංකා සංචිතයේ රැදී සිටීම හේතුවෙන් ඔවුන් එළඹෙන ඉන්දීය තරගාවලියේ දී හොදින් දක්ෂතා දක්වනු ඇති බවට ද ශ්‍රී ලංකා නායකයා විශ්වාසය පල කළා.

“LPL කියන්නේ තරුණ ක්‍රීඩකයින් සදහා හොද වේදිකාවක්, මොකද ඔවුන්ට ජාත්‍යන්තර නිරාවරණයක් ලැබෙන නිසා. නමුත් තවමත් එය IPL හෝ බිග් බෑෂ් ප්‍රමිතියේ නැහැ. LPL යනු ජාත්‍යන්තර මට්ටම සදහා වේදිකාවක් වන නමුත්, ජාත්‍යන්තර මට්ටටමේ ක්‍රීඩා කිරීම බෙහෙවින් වෙනස්. LPL තරගාවලියේ දී දක්ෂතා දැක් වූ තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අප සමග ඉන්නවා. ඔවුන් මෙම සංචාරයෙන් අත්දැකීම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවනවා.” 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...