මිල්න් එක්දින සංචිතයෙන් ඉවත් වෙයි

Date:

පාකිස්තානය හා ඉන්දියාව සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියන්ගෙන් ඉවත් වීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් තීරණය කර තිබෙනවා.

එම තරගාවලි සදහා ඔහුගේ සූදානම සම්බන්ධයෙන් පවතින ගැටලු මතයි ඇඩම් මිල්න් එම තරග සංචාරවලින් ඉවත් වීමට පියවර ගෙන ඇත්තේ.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ මෑතකදී ඔහු පාදයක ආබාධයකින් පසු වූ බැවින් දින 16 ක් තුළ දී එක්දින තරග 6 ක් පාකිස්තානයේ දී හා ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීම තුළින් ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් ඇඩම් මිල්න් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ඔහු වෙනුවට නවසීලන්ත එක්දින සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙයාර් ටික්නර් ආදේශ කර තිබෙනවා.

ටික්නට් මේ වන විටත් නවසීලන්ත ටෙස්ට් සංචිතය සමග පාකිස්තානයේ රැදී සිටිනවා.

නවසීලන්ත එක්දින සංචිතයේ සෙසු ක්‍රීඩකයින් එළඹෙන 4 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.

පාකිස්තාන – නවසීලන්ත එක්දින තරගාවලිය ජනවාරි 9 වැනිදා ද, ඉන්දු – නවසීලන්ත එක්දින තරගාවලිය ජනවාරි 18 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...