2023 වසරේ ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

Date:

ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම සංචාරයට තරග 3 බැගින් යුත් 20යි 20 හා එක්දින තරගාවලි දෙකක් ඇතුළත්.

20යි 20 තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි 20යි 20 තරගය ජනවාරි 5 වැනිදා පූනේ හී දී ද, තෙවැනි 20යි 20 තරගය ජනවාරි 7 වැනිදා රාජ්කොට් හී දී ද පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 10 වැනිදා ගුවහාටි හී දී යි. ජනවාරි 12 වැනිදා හා 15 වැනිදා දෙවැනි හා තෙවැනි එක්දින තරග කොල්කටා හා තිරුවනන්තපුරම් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

උදා වූ නව වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරග සංචාරය මෙය වන අතර, මෙම වසරේ දී ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරගාවලි රැසක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කර ඇති ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2023 වසරේ දී ඉන්දීය සංචාරය හැරුණු විට නවසීලන්තය, අයර්ලන්තය, පාකිස්තානය යන රටවල්වලට එරෙහිව ද තරග කිරීමට නියමිතයි.

ඇෆ්ඝනිස්තානයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය පසුගිය වසරේ දී පවත්වා අවසන් කිරීමට දෙරටේ ක්‍රිකට් ආයතන පියවර ගත්තා.

ජාත්‍යන්තර තරගාවලි හැරුණු විට අගෝස්තු මාසයේ දී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද, ලබන ජූනි මාසයේ දී Lanka T10’ (ලංකා ටී ටෙන්) නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියක් ද මෙරට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහන –

  • ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2023 ජනවාරි)
  • නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (මාර්තු/අප්‍රේල්)
  • අයර්ලන්තයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් (2023 අප්‍රේල්)
  • පාකිස්තානයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක් (2023 ජූලි)
  • එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – (ඔක්තෝබර්) (මෙතෙක් සුදුසුකම් ලබා නැහැ)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...