තෙයුනිස්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු පිතිකරු Theunis de Bruyn ට ඔස්ට්‍රේලයාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු හා ඔහුගේ බිරිදගේ පළමු දරු උපත වෙනුවෙන් Theunis de Bruyn යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රසී වැන් ඩර් ඩුසේන් වෙනුවට ඔහුව දෙවැනි ටෙස්ට් තරගය සදහා කැදවූ අතර, එම තරගයේ දී ඔහු අංක 3 පිතිකරු ලෙස පිළිවෙලින් ලකුණු 12 ක් හා 28 ක් රැස් කළා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 4 වැනිදා සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...