අදින් ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය නරඹන්නේ මෙහෙමයි ; කාළගුණ අනාවැකියත් මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් 20යි 20 තරගාවලිය අද(3) මුම්බායි හී දී ආරම්භ වනවා.

තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි 20යි 20 තරගය එළඹෙන 5 වැනිදා පූනේ හී දී ද, තෙවැනි 20යි 20 තරගය එළඹෙන 7 වැනිදා රාජ්කොට් හී දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 10 වැනිදා ගුවහාටි හී දී යි.

ජනවාරි 12 වැනිදා හා 15 වැනිදා දෙවැනි හා තෙවැනි එක්දින තරග පිළිවෙලින් කොල්කටා හා තිරුවනන්තපුරම් හී දී පැවැත්වීමට නියමිතයි.

අද තරගය සදහා වර්ෂාවෙන් කිසිදු බලපෑමක් සිදු නොවනු ඇති බවට අනාවැකි පලව ඇති අතර, මුම්බායිහි උෂ්ණත්වය 20°C ක පමණ අගයක් ගනු ඇති.

අද තරගයේ දී චාමික කරුණාරත්න හා ඩිල්ෂාන් මදුෂංක යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වුව ද අවිශ්ක ප්‍රනාන්දුට බොහෝ විට අද තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

තරගාවලියේ මෙරට රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ Supreme TV නාලිකාවටයි.

Dialog TV (Channel No 20), Freesat (Channel No 17) හා PEO TV (Channel No 140) ඔස්සේ ද එම නාලිකාව හරහාම මෙම තරග සංචාරය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට මෙවර උදා වීම විශේෂත්වයක්.

ඊට අමතරව Star Sports 1 නාලිකාව ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකියි.

එමෙන්ම Dialog ViU App හා PEO TV GO App ඔස්සේ ද තරග නැරඹීමේ අවස්ථාව හිමි වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...