CPL පිටිය රත් කළ අලී – පෝල් ගැටුම

Date:

ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාව වුණත් සෙසු ක්‍රීඩාවලදී මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තුළ දී ද සුළු සුළු ගැටුම් අපට ඉදහිට දක්නට ලැබෙනවා.

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වන තරගයේ දී ද මෙවන් ගැටුමක් ඇති වූ අතර, ඒ පිළිබද මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව අවසන්.

පසුගියදා (25) ගයානා ඇමසන් වොරියස් කණ්ඩායම සහ ජැමෙයිකා තලවාස් කණ්ඩායම අතර පැවැති මෙම තරගය අවසන් වුණේ ජැමයිකා කණ්ඩායමට ජය හිමි කර දෙමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගයානා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 108 ක් පමණයි.

රොස් ටේලර් ලකුණු 23 ක් , නවීන් උල් හක් නොදැවී ලකුණු 20 ක් සහ නිකලස් පූරාන් ලකුණු 15ක් ලබා ගත් අතර සෙසු එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාවට ආසන්න වීමට අවස්ථාවක් හිමිවූයේ නැහැ.

පන්දු යැවීමේදී ෆිදෙල් එඩ්වර්ඩ්ස් හා මුජීබ් රහ්මාන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

ලකුණු 109 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැමෙයිකා තලවාස් කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ග්ලේන් පිලිප්ස් ලකුණු 26යි.

මෙම තරගය අතරතුර ජැමෙයිකා කණ්ඩායම නියෝජනය කරන අසීෆ් අලී දවා ගැනීමට කිමෝ පෝල් සමත්වෙනවා.

එම අවස්ථාවේදී පෝල් සමග බහින් බස් වීමක යෙදන අසීෆ් අලී සිය පිත්තෙන් කිමෝ පොල්ට පහර දීමට තැත් කරන අයුරුද දක්නට ලැබුණා.

බොහෝ පාර්ශව මෙම සිද්ධිය සම්බන්ධයෙන් එතරම් සුබවාදී ප්‍රතිචාරයක්නම් දක්වන්නේ නැහැ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...