ඇෆ්ඝනිස්තානය ඔස්ට්‍රේලියාවේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඉතිහාසයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ දෙසැම්බර් 7 වනදා මෙම තරගය පර්ත්හී දී ආරම්භ වීමට ඉඩ ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවැත්වෙන බව සදහන්.

අදාළ තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙනුයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

අයි.සී.සී ඉදිරි තරග කාලසටහනට අනුව (FTP) ඔස්ට්‍රේලියාව හා ඇෆ්ඝනිස්තානය අතර ටෙස්ට් තරගයක් නොවැම්බර් මාසයේ දී පැවැත්විය යුතුයි.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතයත් සමග සියලු තරගාවලි පැවැත්වෙන දිනයන් යළි සංශෝදනය වීමත් සමග මෙම ටෙස්ට් තරගය ද දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කරමින් පවතින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...