දකුණු අප්‍රිකාව ලැබූ අන්ත පරාජයත් සමග ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 182 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(29) සමත් වුණා.

මෙල්බර්න්හි පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට දෙවැනි ඉනිමේ දී ඉනිමක පරාජයෙන් ගැළවීමේ දැඩි සටනක නිරත වෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15 ක්. කෙසේ වෙතත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 204 ක් පමණයි.

ටෙම්බා බමුවා ලකුණු 65 ක් රැස් කළ අතර, Kyle Verreynne ලකුණු 33 කට දැවී ගියා. පන්දු යැවීමේ දී නේදන් ලයන් කඩුලු 3 ක් දවා ගත්තා. ස්කොට් බෝලන්ඩ් බිද හෙලූ කඩුලු ගණන 2ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 189 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 575 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

තම සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් ලකුණු 200 ක් වාර්තා කළ අතර, ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

ඒ් අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 2-0 ක් ලෙස තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

අද නිමා වූ තරගයේ ප්‍රතිපලය අනුව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව සිව්වැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර, මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...