විලියම්සන්ගේ ශතකය නවසීලන්තය පෙරමුණට ගෙන යයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (28) කරච්චි හී දී නිමා වුණේ නවසීලන්තය සිය පළමු ඉනිමේ දී ලකුණු 2 ක් ඉදිරියෙන් පසු වෙමින්.

දිනය නිමා වන විට නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 440 ක් ලබා සිටියේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලබා ගත් ලකුණු 438 ට පිළිතුරු වශයෙන්.

ටොම් ලේතම් ලකුණු 113 ක් රැස් කළ අතර, කේන් විලියම්සන් නොදැවී ලකුණු 105 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඩෙවෝන් කොන්වේ ලකුණු 92 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 ක් ද, නවුමන් අලී කඩුලු 2ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 161 ක් හා අගා සල්මාන් ලකුණු 103 ක් රැස් කළා. සර්ෆරාස් අහ්මඩ් ලකුණු 86යි.

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 3 ක් ද, අජාස් පටෙල්, මයිකල් බ්‍රේස්වෙල් හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...