IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඉදිරිපත් කෙරේ ; මූලික වටිනාකම් මෙන්න

Date:

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් විසින් අද(13) නිවේදනය කළා.

වෙන්දෙසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 991 දෙනෙකු ලියාපදිංචි වී සිටියද, වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන්නේ ක්‍රීඩකයින් 405 දෙනෙකු පමණයි.

එම ක්‍රීඩකයින් 405 දෙනා අතරින් ක්‍රීඩකයින් 273 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, 132 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වනවා.

ජාත්‍යන්තර වරම් දිනා ගත් ක්‍රීඩකයින් 119 දෙනෙකු ද, ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 282 දෙනෙකු ද, ටෙස්ට් වරම් නොලැබූ රටවලින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉන්දීය ක්‍රීඩකයින් 87 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීම සදහා මෙම ක්‍රීඩක වෙන්දේසිය ලබන 23 වැනිදා කෝචි හී දී පැවැත්වීමට නියමිතයි.

ඉහළම මිලක් හිමිවන කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩය සදහා ක්‍රීඩකයින් 19 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ලියාපදිංචි වුව ද, වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු පමණයි.

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  1. කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 221 ක් පමණ)
  2. දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්
  3. දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්
  4. පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්
  5. චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්
  6. චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්
  7. ලහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්
  8. ඩිල්ෂාන් මදුෂංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්
  9. ධනංජය ද සිල්වා – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්
  10. දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...