IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 ක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙසිය සදහා ක්‍රීඩකයින් 991 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු නොවැම්බර් 30 වැනිදායින අවසන් වූ අතර, ලියාපදිංචි වූ ක්‍රීඩකයින අතරට විදෙස් ක්‍රීඩකයින් 277 දෙනෙකු ඇතුළත්.

ඉන්දීය ක්‍රීඩකයින් 714 දෙනෙකු ද වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.

ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් අතරට ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 185 දෙනෙකු හා ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 786 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් වරම් දිනා නොමැති රටවලින් ක්‍රීඩකයින් 20 දෙනෙකු ද ලියාපදිංචි වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.‍

2023 අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා කොචි හී දී පැවැත්වීමට නියමිතයි.

වෙන්දේසිය සදහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 23 ක්.

රටවල් අනුව ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති ප්‍රමාණය –

  • Afghanistan 14
  • Australia 57
  • Bangladesh 6
  • England 31
  • Ireland 8
  • Namibia 5
  • Netherlands 7
  • New Zealand 27
  • Scotland 2
  • South Africa 52
  • Sri Lanka 23
  • UAE 6
  • West Indies 33
  • Zimbabwe 6

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...