එක්දින තරගාවලිය අභියස බංග්ලාදේශය ආබාධ අර්බුදයක

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහ්මඩ්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ගොදුරු වී සිටීම හේතුවෙන්.

ඔහුට අමතරව නායක ටමිම් ඉක්බාල්ට ද ආබාධයක් හේතුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලියම අහිමි වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහුට ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ද ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

බදාදා දිනයේ පැවැති පුහුණු තරගයක් අතරතුර දී ටමිම් ඉක්බාල් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බව සදහන්.

ශොරිෆුල් ඉස්ලාම් මේ වන විට අමතර ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...