දඹුල්ලට 4 වැනි පරාජයත් හිමි කර දෙමින් ෆැල්කන්ස් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ සිව්වැනි තරගයෙන් ද පරාජයට පත් වීමට දඹුල්ල ඕරා කණ්ඩායමට අද(13) සිදු වුණා.

ඒ, තරගාවලියේ 11 වැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 77 ක පරාජයක් ලැබීමත් සමගයි.

මේ වන විට සියලු තරග පරාජයට පත්ව සිටින දඹුල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටින අතර, අද ලැබූ ජයත් සමග යළිත් ප්‍රසාද ලකුණු සටහන් පෙරමුණ හිමි කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් මේ වන විට තරග 5 කින් තරග 4ක් ජය ගෙන තිබෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් ලබා ගනිමින්.

පැතුම් නිස්සංක ලකුණු 26 කටත්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 44 කටත් දැවී ගියා. කමිදු මෙන්ඩිස් ලකුණු 58 ක් ලබා ගත්තේ පන්දු 40 කින්. අශේන් බණ්ඩාර පන්දු 22 කින් නොදැවී ලකුණු 42 ක් ද, නජිබුල්ලාහ් සඩ්රාන් පන්දු 8 කින් නොදැවී ලකුණු 16 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් හා චතුරංග ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායමට පන්දුවාර 14.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 116 ක් පමණයි.

චතුරංග ද සිල්වා ලකුණු 25 ක් ද, නූර් අහ්මඩ් ලකුණු 20 ක් ද, භානුක රාජපක්ෂ ලකුණු 18 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කාර්ලස් බ්‍රැත්වෙයිට් හා චමිදු විජේසිංහ කඩුලු 3 බැගින් දවා ගත්තා. චාමික කරුණාරත්න හා ෆේබියන් ඇලන් කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...