ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, තරගාවලියේ 7 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා ලකුණු 25 ක ජයක් වාර්තා කරමින්.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරුවන් වූ තනුක දාබරේ ලකුණු 36 ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 39 ක් ද රැස් කළ අතර, ලහිරු උදාර නොදැවී ලකුණු 45 ක් රැස් කළා. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 29යි.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149 ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 58ක් ලබා ගත් අතර, රවී බොපාරා ලකුණු 46 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප්, වහබ් රියාස් හා ඉෆ්ටිකාර් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...