දසුන් ශානකට ඩොලර් 3,000 ක දඩයක් නියම කෙරේ

Date:

දඹුල්ල ඕරා කණ්ඩායමේ නායක දසුන් ශානකට දඩ නියම කිරීමක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 8 වැනිදා කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට දී පැවැති තරගයේ දී විනිසුරු තීරණයකට විරුද්ධත්වය පල කිරීම හේතුවෙනුයි ඔහුට මෙලෙස දඩ නියම කිරීමක් සිදු කර ඇත්තේ.

ඒ අනුව දසුන් ශානකට එරෙහිව අමෙරිකානු ඩොලර් 3,000 ක (රුපියල් ලක්ෂ 11 පමණ) දඩ මුදලක් නියම කිරීමටයි තරග තීරකවරයා පියවර ගෙන ඇත්තේ.

එය ඔහුගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලකට සමාන වන බව සදහන්. එමෙන්ම දසුන් ශානකට එරෙහිව දඩුවම් ලකුණු 2 ක් ද පනවා තිබෙනවා.

ඔහු විසින් එල් පී එල් විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් මෙහිදී සිදු කර ඇති බවත්, දසුන් ශානක විසින් සිය වරද පිළිගෙන ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...