LPL වාර්තාවක් සමගින් කිංග්ස් පිලට ලකුණු 51 ක ජයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සිය නම ඉදිරියෙන් සටහන් කර ගනිමින් මෙවර තරගාවලියේ 8 වැනි තරගයෙන් දඹුල්ල ඕරා කණ්ඩායම පරදා ලකුණු 51 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 240 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 35 කින් ලකුණු 73 ක් ද, අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30 කින් ලකුණු 54 ක් ද රැස් කරමින් ජැෆ්නා කිංග්ස් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන්නා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 133ක්. ගුර්බාස්ගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්. අවිශ්ක සිය ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 6 කින් වර්ණවත් කළා.

සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 38 ක් ද, ෂොයිබ් මලික් ලකුණු 32 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 56 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

දසුන් ශානක ලකුණූ 44(23) කටත්, භානුක රාජපක්ෂ ලකුණු 38(31) කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත්තා. මෙතෙක් ආබාධයකට ලක්ව සිටි දිල්ෂාන් මදුෂංක අද තරගය සදහා ක්‍රීඩා කළ අතර, ඔහු ලකුණු 43 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

මේ වන විට දඹුල්ල ඕරා කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...