පාකිස්තානය ජයග්‍රහනයට ලකුණු 157 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(11) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් දෙකටම විවර කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 355 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 198 ක්.

ඉමාම් උල් හක් ලකුණු 60 කටත්, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 45 කටත්, මොහමඩ් රිස්වාන් ලකුණු 30 කටත් දැවී ගියා. සවුද් ශකීල් නොදැවී ලකුණු 54 යි.

මුල්තාන් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 281 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය රැස් කළේ ලකුණු 202 ක් පමණයි.

අනතුරුව එංගලන්තය සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 275 ක් ලබා ගත්තා. හැරී බෘක් ලකුණු 108යි.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් පාකිස්තානයේ අබ්රාර් අහ්මඩ් කඩුලු 11 ක් දවා ගැනීම කැපී පෙනුණා.

තරගය ජය ගැනීම සදහා පාකිස්තානය තවත් ලකුණු 157 ක් ලබා ගත යුතු අතර, එංගලන්තය කඩුලු 6 ක් දවා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...