LPL තරගාවලියට පාකිස්තානයෙනුත් කණ්ඩායමක්

Date:

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා පාකිස්තානයෙන් ද කණ්ඩායමක් සහභාගීවීමට වැඩි ඉඩකඩක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ඩේලි එක්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඒ සදහා වන සාකච්ඡා ශ්‍රී ලංකා බළධාරීන් සහ පාකිස්තාන පාර්ශවය අතර මේ වන විටත් සිදු වන බවයි.

මේ පිළිබද නිල නිවේදනය ඉදිරියෙදී නිකුත් වනු ඇති බව ද සදහන්.

නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මෙම තරගාවලිය පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

එල්.පී.එල් තරගාවලිය සදහා පාකිස්තාන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් වන ශහීඩ් අෆ්රිඩි, ෂොයිබ් මලික් හා මොහොමඩ් හෆීස් ද ක්‍රීඩා කරනු ඇති බවටයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ශේන් වොට්සන්, ඒබී ඩි විලියස් හා ඉයන් මෝර්ගන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද තරගාවලියට එක් වීමට ඉඩ තිබෙනවා.

එල්.පී.එල් තරගාවලිය එළඹෙන 28 වනදා ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද, එය කල් දැමීමටයි පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...