ඇන්ඩර්සන් ඓතිහාසික කඩඉමක් අබියස

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනටත් ඊයේ(24) වර්ෂාව සහ අයහපත් ආලෝක තත්ත්වයෙන් බලපෑම් එල්ල වුණා.

ඒ හේතුවෙන් පන්දුවාර 56ක් පමණක් ක්‍රියාත්මක වූ සිව්වන දිනය අවසන් වන විට අඛණ්ඩව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන පිල කඩුලු 2 ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 100.

ඊයේ (24) දිනයේ දී අබිඩ් අලීගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමග ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ තම සමස්ත කඩුලු සංඛ්‍යාව  599 ක් ලෙස සනිටුහන් කිරීමට සමත් වුණා.

ඔහු තවත් එක් කඩුල්ලක් දවා ගතහොත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 600 සීමාවට ළඟාවු ලොව සිව්වන පන්දු යවන්නා බවට ඔහු පත්වනු ඇති.

මීට පෙර එම කඩඉම පසුකර යාමට සමත්ව ඇත්තේ මුත්තයියා මුරලිදරන්, ශේන් වෝර්න් හා අනිල් කුම්බ්ලේ පමණයි.

ඒ අනුව ජේම්ස් ඇන්ඩර්සන් එම කඩඉම පසු කළහොත් ටෙස්ට් කඩුලු 600ක් දවා ගත් ලොව පළමු වේග පන්දු යවන්නා බවට ද ඔහු ඉතිහාසගත වනු ඇති.

සවුත්හැම්ටන් හී දී පැවැත්වෙන තරගයේ සිව්වන දිනය නිමා වන විට අඛණ්ඩව සිය දෙවනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් තවත් ලකුණු 210 ක් ලබා ගත යුතුයි.

ඒ සදහා ඉතිරිව ඇති කඩුලු සංඛ්‍යාව 8ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...