වර්ෂාව එංගලන්ත ජය පමා කරද්දී ඇන්ඩර්සන් 600ට 1ක් පිටුපසින් – Day 4 Report

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය ඊයේ(24) නිමා වුණා.

ඒ වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 100ක් ලබා සිටියා.

නායක අසාර් අලී නොදැවී ලකුණු 29යි.

අබිඩ් අලී ලකුණු 42කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවට් බ්‍රෝඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව මේ වන විට ඇන්ඩර්සන් බිද හෙලා ඇති සමස්ත ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 599ක්.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් සිව්වන දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 56ක් පමණයි.

සවුත්හැම්ටන්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 583ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රවුලි ලකුණු 267ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 34ක් සමගින්.

ජොස් බට්ලර් ලකුණු 152යි.

පන්දු යැවීමේ දී යසීර් ශාහ්, ශහීන් ෂාහ් අෆ්රිඩි සහ ෆවඩ් අලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අනතතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273ක්.

නායක අසාර් අලී නොදැවී ලකුණු 141ක් රැස් කළේ හතරේ පහර 21ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

පන්දු යැවීමේ දී ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 56කට කඩුලු 5ක් බිද හෙලුවා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් පාකිස්තානය තවත් ලකුණු 210ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...