විශිෂ්ඨ දුවද්දී දවාගැනීමකට හසු කර ගැනීමෙන් පසු පන්දු යවන්නාගෙන් බ්‍රෝඩ් සමාව ගනියි

Date:

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලීමට සමත්ව ඇති පන්දු යවන්නා වන්නේ ජේමිස් ඇන්ඩර්සන්.

පාකිස්තානය සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ පකිස්තාන ප්‍රථම ඉනිමේ කඩුලු 5 ක් බිඳ හෙලීමට ද ඇන්ඩර්සන් සමත් වුණා.

එම කඩුලු 5 ත් සමග ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 598 ක එකතුවකට උරුමකම් කියන්න මේ විශිෂ්ඨ පන්දු යවන්නා සමත්වී තිබෙනවා.

පකිස්තාන පළමු ඉනිමේ 89 වන පන්දුවාරය යොමු කරන ජේමිස් ඇන්ඩර්සන් හයවන පන්දුවේදී ලකුණු 129 ක් ලබා සිටි අසාර් අලීගෙන් උඩ පන්දුවක් ලබාගැනීමට සමත්වෙනවා.

නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස එම උඩ පන්දුව ස්ටුවර්ට් බ්‍රෝඩ් අතින් ගිලිහී යනවා.

ඒත් සමග ජේමිස් ඇන්ඩර්සන්ට තම කඩුලු පහ සම්පූර්ණ කිරීමේ අවස්ථාව තවදුරටත් පමා වන අතර සිය කණ්ඩායමට හිසරදයක් වෙමින් තිබූ පිතිකරුවා දවාගැනීමටද නොහැකි වී යනවා.

කෙසේ වෙතත්, විශේෂත්වය වන්නේ උඩ පන්දුව ගිලිහී යාමත් සමග ස්ටුවට් බ්‍රෝඩ් ක්ෂණයකින් පන්දුව රැගෙන පන්දුවට පහරදීමේ අන්තයේ කඩුල්ලට වේගයෙන් විසි කිරීමයි.

එහිදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් මොහොමඩ් අබ්බාස්ට දුවද්දී දැවී ගිය පිතිකරුවෙකු ලෙස පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

කෙසේ නමුත් අනතුරුව උඩ පන්දුවක් තමා අතින් ගිලිහී යාමේ වරදට ස්ටුවට් බ්‍රෝඩ් විසින් තම සගයා වූ ජේම්ස් ඇන්ඩර්සන්ට සිය කණගාටුව ද පල කරනු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...