හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරුවා ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන තරංග පරණවිතාන ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙරට පළමු පෙල තරගවල වැඩිම ලකුණු ලාභියා (14940) වන 38 හැවිරිදි පරණවිතාන ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2009 වසරේ පාකිස්තාන තරග සංචාරයේ දී යි.

එහි පළමු තරගයට ක්‍රීඩා කළ ඔහු පළමු ඉනිමේ දී පළමු පන්දුවෙන්ම දැවී ගියා.

දෙවැනි ඉනිමේ දී තරංග පරණවිතාන ලකුණු 9ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.

අනතුරුව දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර්හී දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ.

එහිදී තරංග පරණවිතාන ද තුවාල ලැබුවා.

ටෙස්ට් තරග 32කට ක්‍රීඩා කර ඇති තරංග එහිදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 1792ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...