Watch : තීක්ෂණ දවා ගත් කඩුල්ල හා චාමිකගේ සුපිරි අවසානය

Date:

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ක්‍රීඩා කළ තරගයක් ඊයේ(2) පැවැත්වුණා.

ඒ, Northern Warriors හා Morrisville Samp Army කණ්ඩායම් අතරයි.

Warriors කණ්ඩායම සදහා ඉසුරු උදාන ක්‍රීඩා කළ අතර, Morrisville කණ්ඩායම සදහා මහීෂ් තීක්ෂණ හා චාමික කරුණාරත්න ක්‍රීඩා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Northern Warriors කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් රැස් කළා.

Adam Hose ලකුණු 54 ක් ලබා ගත්තේ පන්දු 25 කින්. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවිමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් හා කරීම් ජනට් කඩුලු 2 බැගින් බිද හෙලුවා. මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 2 තුළ ලකුණු 11 කට එක් කඩුල්ලක් දවා ගත්තා. චාමික කරුණාරත්න එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කළ අතර, එම පන්දුවාරයේ දී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 13 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Morrisville Samp Army කණ්ඩායම පන්දුවාර 8.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශිම්රන් හෙට්මයර් පන්දු 18 කින් රැස් කළ ලකුණු ගණන 45 ක්.  හයේ පහර 5 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. චාමික කරුණාරත්න පන්දු 8 කින් ලකුණු 22 ක් නොදැවී ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 2 බැගින් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...