ඉන්දියාවට එරෙහි බංග්ලාදේශ නායකත්වය ලිටොන්ට

Date:

ඉන්දියාව සමග හෙට (4) ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ලිටොන් දාස්ට පැවරී තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් නායක හා ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල්ට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙනුයි මෙලෙස බංග්ලාදේශ එක්දින කණ්ඩායමට වැඩබලන නායකයෙකු පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනයට සිදු වුණේ.

ලිටොන් දාස් එරට එක්දින කණ්ඩායමේ 15 වැනි නායකයා ලෙසයි ඉතිහාසයට එක් වන්නේ.

ඔහු මීට පෙර 20යි 20 පිටියේ දී එරට කණ්ඩායමේ නායකත්වය දරා තිබුණා.

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශකිබ් අල් හසාන් පත් කිරීමත් සමග ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස  මීට පෙර ලිටොන් දාස් පත් කෙරුණා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...