බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමට නව නායකයෙකු හා උප නායකයෙකු පත් කෙරේ

Date:

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ශකිබ් අල් හසාන් යළි පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ මොමිනුල් හක් පසුගියදා සිය ධූරයෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන්.

ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස ලිටොන් දාස් පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මොමිනුල් හක් 2019 වසරේ දී ටෙස්ට් නායකත්වයට පත් කරනු ලැබුවේ ද ශකිබ් අල් හසාන් වෙනුවටයි.

ඒ, ශකිබ්ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබූ වසරක තරග තහනම හේතුවෙන්.

කෙසේ වෙතත්, මොමිනුල් සිය ධූරයෙන් පසුගියදා ඉල්ලා අස් වුණේ සිය පිතිකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින්.

මොමිනුල් හක්ගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරග 12ක් පරාජයට පත් වූ අතර, ජය ගත්තේ තරග 3ක් පමණයි. තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...