සමුගැනීමට තරගයක් හිමි නොවූවන් සහ වත්මන් ක්‍රීඩකයන් අතර තරගයක් ?

Date:

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයම ජය ගත්තද, සිය ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ සමුගැනීමේ තරගයක්වත් ක්‍රීඩා කර ගෞරවාන්විත සමුගැනීමක් හිමිනොවුණු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඕනෑ තරම් සිටිනවා.

එවැනි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට යළි ගෞරවාන්විත සමුගැනීමක් ලබාදිය යුතු බවට මේ වන විට වැඩි කතාබහක් හටගෙන තිබෙනවා.

ඒ, ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ අනපේක්ෂිත විශ්‍රාම ගැනීමේ නිවේදනයත් සමගයි.

ඊට අපූරු විසදුමක් යෝජනා කරන හිටපු ඉන්දීය ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ වත්මන් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ විශ්‍රාම ගැනීමේ දී සමුගැනීමේ තරගයක් හිමි නොවූ ක්‍රීඩකයන් අතර ක්‍රිකට් තරගයක් සංවිධාන කළ යුතු බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ක්‍රිකට් ලෝලියෙකු නම් එම යෝජනාවට කිසිදු පැකිළීමකින් තොරව එකගවනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...