සුපර් මෑන් සිහි කරමින් පියඹා ගොස් බට්ලර් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

Date:

ජොස් බට්ලර් කියන්නේ දක්ෂ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්.

කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවන්වලදී පිත්තෙන් දක්ෂතා දක්වමින් තරග ජයග්‍රහන කරා මෙහෙයවීමට ඔහුට හැකියාව ලැබුණු අවස්ථා බොහෝය.

පාකිස්තානයට එරෙහිව මේ දිනවල පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ද ඔහු එංගලන්තය වෙනුවෙන් පළමු ඉනිමේ දී පිත්තෙන් දැක් වූ දක්ෂතාවය සුවිශේෂී වන්නේ එය ද කණ්ඩායම අමාරුවේ වැටී සිටි අවස්ථාවක වාර්තා වීම නිසායි.

එහිදී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 152ක්.

පිත්තෙන් පමණක් නෙවෙයි කඩුලු රැකීමෙන් ද දක්ෂතා දක්වන ජොස් බට්ලර් පාකිස්තාන පළමු ඉනිමේ දී විශිෂ්ඨ උඩ පන්දු කිහිපයක්ම රැක ගැනීමට සමත් වුණා.

ඒ අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ශහීන් ෂාහ් අෆ්රිඩි දවා ගැනීම සදහා බට්ලර් රැක ගත් විශිෂ්ඨ ගණයේ උඩපන්දුව වෙතයි.

ස්ටුවට් බ්‍රෝඩ් යොමු කළ පන්දුවකටයි ඔහු මෙම දක්ෂ උඩ පන්දුව රැක ගැනීමට සමත් වුණේ.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...