පාකිස්තානය ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක – Day 3 Report

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(23) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව  273ක්.

හුදෙකලා සටනක නිරත වූ නායක අසාර් අලී නොදැවී ලකුණු 141ක් රැස් කළේ හතරේ පහර 21ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

මොහොමඩ් රිස්වාන් ලකුණු 53යි.

ඔවුන් දෙදෙනා අතර හය වැනි කඩුල්ල සදහා ලකුණු 138ක සබදතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 56කට කඩුලු 5ක් බිද හෙලුවා.

ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී ඔහු යැවූ පන්දු කිහිපයකදීම පිතිකරුවන් ලබා දුන් උඩ පන්දු කිහිපයක් එංගලන්ත පන්දු රකින්නන් අතින් ගිලිහී යාම කැපී පෙනුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 583ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රවුලි ලකුණු 267ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 34ක් සමගින්.

ඔහුට අගනා සහයක් ලබා දුන් ජොස් බට්ලර් ලකුණු 152ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර පස් වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 359ක්.

පන්දු යැවීමේ දී යසීර් ශාහ්, ශහීන් ෂාහ් අෆ්රිඩි සහ ෆවඩ් අලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව සවුත්හැම්ටන් හී දී පැවැත්වෙන මෙම තරගයේ සිව්වන දිනය වන හෙට(24) දිනයේ දී පාකිස්තානය අඛණ්ඩව දෙවැනි වරටත් පන්දුවට පහරදීමට නියමිත අතර, ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් පාකිස්තානය ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව 310ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...