Watch : කුසලානය බේරා ගත් කේන්ගේ සුපිරි රැක ගැනීම

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වී දින කිහිපයක් පමණක් ගතව ඇති පසුබිමක ලොව ප්‍රධානතම ක්‍රිකට් කණ්ඩායම් හෙට(17) සිට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනවා.

එහිදී ලෝක 20යි 20 ශූරයින් ලෙස කිරුළු පළදිනු ලැබූ එංගලන්තය හෙට දිනයේ දී සිය පැරණිතම ප්‍රතිවාදියා වන ඔස්ට්‍රේලියාවට එරෙහිවයි තරග බිමට පිවිසෙන්නේ.

දෙරට අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් හෙට සිට පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය මෙරට වේලාවෙන් පෙරවරු 8.50 ට ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙවැනි එක්දින තරගය එළඹෙන 19 වැනිදා සිඩ්නි හී දී ද, තෙවැනි එක්දින තරගය එළඹෙන 22 වැනිදා මෙල්බර්න් හී දී ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ඉන්දීය කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ද අනිද්දා(18) දිනයේ දී වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේ දී 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වූ නවසීලන්තය හා ඉන්දියාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය ආරම්භ වීමට පෙර ශූරතා කුසලානය එළිදැක්වීමේ කටයුතු අද සිදු කෙරුණේ කණ්ඩායම් දෙකේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව එම අවස්ථාවට නවසීලන්ත නායක කේන් විලියම්සන් හා ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යා පැමිණ සිටියා.

එහිදී පැවැති අධික සුළං තත්ත්වය හේතුවෙන් කුසලානය බිම ඇද වැටීමට ගිය අතර, කේන් විලියම්සන් එක්වරම කුසලානය බිම ඇද වැටීමට පෙර එය එක් අතකින් රැක ගන්නා ආකාරය ඇතුළත් අපූර්ව වීඩියෝවක් නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් සමාජ මාධ්‍ය වෙත අද නිකුත් කළා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...