අවිශ්ක ප්‍රනාන්දුටත් BPL වරම්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම්ගත වී තිබෙනවා.

කුල්නා ටයිගර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙනුයි ඔහු මෙලෙස ගිවිසුම්ගත වී ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය පෙබරවාරි මාසයේ දී නිරත වූ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර දී අවිශ්ක ප්‍රනාන්දු දණහිසක ආබාධයකට ලක් වූ අතර, අනතුරුව ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.

ඒ හේතුවෙන් ඔහුට පසුගිය කාලයේ දී ම ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පෙබරවාරි 13 වැනිදා සිඩ්නිහී දී පැවැති 20යි 20 තරගයේ දී යි.

පසුගිය 13 වැනිදා එස්.එස්.සී කණ්ඩායම නියෝජනය කරමින් අවිශ්ක ප්‍රනාන්දු පළමු පෙල තරගයක් සදහා ක්‍රීඩා කළ නමුත්, Sebast CAC කණ්ඩායමට එරෙහි එම තරගයේ දී ඔහුට ලකුණු අතරට පිවිසීමට හැකි වූයේ නැහැ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි අදියර ලබන ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

ඒ අතරින් කමිදු මෙන්ඩිස්, තිසර පෙරේරා හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමග ද ගිවිසුම්ගත වී තිබෙනවා.

තරග 46ක් ඇතුළත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...