Watch : ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සටනට කදවුරු බදියි

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක කාලයක් පමණයි.

තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, සංචාරයේ දී දෙරට අතර අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි එක්දින තරගය 27 වැනිදා ද, තෙවැනි එක්දින තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග සංචාරය අරමුණු කර ගනිමින් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පුහුණු කදවුරකට එක්ව සිටිනවා.

එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පුහුණුවීම්වල නිරත වන අයුරු ඇතුළත් වීඩියෝවක් එරට ක්‍රිකට් ආයතනය අද සමාජ මාධ්‍ය වෙත නිකුත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...