අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සී සී සී හා ටැමිල් යූනියන් අතර

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ (Major Club League 3-Day Tournament) අවසන් මහා තරගය එළඹෙන 17 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

20 වැනිදා දක්වා සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ඇත්තේ කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) හා ටැමිල් යූනියන් කණ්ඩායමයි.

තරගාවලිය සදහා කණ්ඩායම් 26 ක් ක්‍රීඩා කළ අතර, කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වුණා.

A කාණ්ඩයේ පෙරමුණ දිනා ගැනීමට සී සී සී කණ්ඩායම සමත් වුණේ ක්‍රීඩා කළ තරග 12 න් තරග 5 ක් ජය ගනිමින්.

ක්‍රීඩා කළ තරග 12 න් තරග 5 ක් ජය ගත් ටැමිල් යූනියන් කණ්ඩායම B කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගත්තා.

ප්‍රසාද ලකුණු සටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...