ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට ඓතිහාසික ජයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලැබූ පළමු තරග ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද(15) සමත් වුණා.

ඒ, ඉන්දියාවේ පැවැත්වෙන සිව්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර දී යි.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව තරග කළ අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 6 ක ජයක් වාර්තා කළා.

විසාකාපට්නම් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 95 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 15.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.(99/4)

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය පසුගිය 13 වැනිදා ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කාන්තා B කණ්ඩායමට එරෙහිව පැවැති අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 12 කින් පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...